කොළඹ සරසවියේ තාක්ෂණ පීඨ සිසුන්ගෙන් ඉල්ලීමක්

කොළඹ සරසවියේ තාක්ෂණ පීඨය යළි විවෘත කරන්නැයි සිසුන්ගෙන් ඉල්ලීම්

by Staff writer 21-02-2022 | 7:52 AM

COLOMBO (News 1st) –  කොරෝනා ව්‍යාප්තියත් සමග වසා දැමූ ‍කොළඹ විශ්වවිද්‍යාලයේ හෝමාගම, පිටිපන පිහිටි තාක්ෂණික පිඨය යළි විවෘත නොකිරීමෙන් තමන් දැඩි පිඩාවට පත්ව ඇති බව සිසුන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, Online දේශන පැවැත්වුව ද සියලු ප්‍රායෝගික පරීක්ෂණ හා විභාග මෙතෙක් පවත්වා නොමැති බවය. අධ්‍යයන වර්ෂ 4ක සිසුන් දැනට පීඨ‍යේ ඉගෙනුම ලබයි. ඔවුන් ප්‍රකාශ කළේ, පවතින තත්ත්වය යටතේ තම උපාධිය සම්පූර්ණ කිරීමට තවත් ‍බොහෝ කලක් ගතවනු ඇති බවය. මේ පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුමේධ ජයනෙත්ති මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, සිසුන්ගේ විභාග ජ්‍යෙෂ්ඨත්වය මත පැවැත්වීම සඳහා කාලසටහන් ‍මේ වනවිට සකස් කර ඇති බවය. ඒ අනුව, කඩිනමින් විභාග පවත්වා ශිෂ්‍ය කණ්ඩායම් ප්‍රායෝගික පරීක්ෂණවලට කැඳවන බව පීඨාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. මහාචාර්ය සුමේධ ජයනෙත්ති මහතා පැවසුවේ, කොරෝනා මර්දන සෞඛ්‍ය රෙගුලාසි අනුව නේවාසිකාගාරවලට ඇතුළත් කර යුතු සිසුන් පිරිස සමස්ත ධාරිතාවයෙන් 50%කට සීමා කිරීමේ හේතුවෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇති බවයි. මේ සඳහා ද කඩිනමින් පිළියම් යෙදීමට අවධානය ‍යොමුකර ඇති බව ඔහු සඳහන් කළේ ය.