by Staff Writer . 21-02-2022 | 10:51 PM
COLOMBO (News 1st) – නීති විරෝධී ලෙස බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ආනයනය කළ අපද්‍රව්‍ය බහාලුම් තොගයේ අවසන් බහලුම් 45 අද ප්‍රතිනැව්ගත කෙරිණ.
2019 වසරේ ජුලි 06 වැනිදා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන්වූ භාවිත කරන ලද මෙට්ට ඇතුළත් කන්ටේනර් කිහිපයක් රේගුවේ ඇති බවට අනාවරණය වූ අතර එම කන්ටේනර් ජුලි 10 වැනිදා විවෘත කිරීමට කටයුුතු කර තිබිණ.
එහිදී අනාවරණය වූයේ කසල තොගයක් මෙම කන්ටේනර් තුළ අඩංගු බවටයි.
කසළ අඩංගු කන්ටේනර් තොගයේ ඇත්තේ පරිසරයට දැඩි බලපෑම් එල්ල කරන උපද්‍රවකාරී අපද්‍රව්‍ය බව මධ්‍යම පරිසර අධිකාරිය නිගමනය කිරීමෙන් අනතුරුව ගත් අධිකරණ ක්‍රියාමාර්ගයකින් පසුව ඒවා ප්‍රතිඅපනයනය කිරීමට තීරණය කෙරිණ.
ඒ අනුව 2020 වසර තුළ කොළඹ වරායේ තිබූ කසල අඩංගු බහාලුම් 112 ක් බ්‍රිතාන්‍යයට පිටත් කර යැවීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කළේ ය.
ඊට අමතරව කටුනායක පිහිටි පෞද්ගලික ආයතන පරිශ්‍රයක තැන්පත් කර තිබූ බහාලුම් 130 ක් අතරින් 85 ක් පසුගිය වසර තුළ අවස්ථා නවයකදී බ්‍රිතාන්‍යයට ප්‍රතිඅපනයනය කෙරිණ.