බයිඩ්න් සහ පුටින් අතර ප්‍රතිපත්තිමය එකඟතාවක්

අමෙරිකානු සහ රුසියා ජනපතිවරුන් අතර ප්‍රතිපත්තිමය එකඟතාවක්

by Staff Writer . 21-02-2022 | 10:09 AM

COLOMBO (NEWS1ST): යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් සමුළුවක් පැවැත්වීමට අමෙරිකානු සහ රුසියා ජනාධිපතිවරුන් ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණ තිබේ.

ඒ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියා ජනාධිපති විලැද්මීර් පුටින් අතර පැවති දුරකතන සංවාදයකදීයී. එහෙත්, සමුළුව පවත්වන දිනය සහ ස්ථානය මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත. ඒ අනුව ප්‍රංශ, අමෙරිකා, රුසියා, යුක්‍රේන සහ බ්‍රිතාන්‍ය රාජ්‍ය නායකයින් අතර සමුළුව පැවැත්වීමට නියමිතයි. මේ අතර යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම ත්‍රීව්‍රර විය යුතු බව රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් ප්‍රකාශ කළේ ය. ඒ, ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන් සමග විනාඩි 105 ක කාලයක් පැවැත්වූ දුරකතන සංවාදයේදීයී. ගැටුම් උග්‍රවීමට හේතුව යුක්‍රේන ආරක්ෂක හමුදා විසින් සිදු කරන ප්‍රකෝප කිරීම් බව, රුසියානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබුණි. අනතුරුව ප්‍රංශ ජනාධිපතිවරයා යුක්‍රේන ජනාධිපති ව්ලොඩොමිර් සෙලෙන්ස්කි සමග ද දුරකතන සංවාදය නිරත වී තිබේ. ඔහු ප්‍රකාශ කර ඇත්තේ සාම ක්‍රියාවලිය ත්‍රීව්‍ර කිරීම වෙනුවෙන් පෙනී සිටින බවයි. රුසියාව, යුක්‍රේනය සහ යුරෝපයේ ආරක්ෂක සහයෝගීතාවය සඳහා වූ සංවිධානය අතර සටන් විරාමයක් සඳහා වූ සාම සාකච්ඡා ආරම්භ කළ යුතු බව ද ඔහු අවධාරණය කළේ ය.