හෝටලයක ඉහළ මහලෙන් වැටී විදේශිකයෙකු මරුට..

හෝටලයක ඉහළ මහලෙන් වැටී විදේශිකයෙකු මරුට..

by Staff writer 20-02-2022 | 1:04 PM

COLOMBO (News 1st) –  ඇල්ල නගරයේ හෝටලයක ඉහළ මහලෙන් ඇද වැටී විදේශිකයෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 28 හැවිරිදි චෙක් ජාතිකයෙකි. ඔහුගේ සිරුර මේ වනවිට දෙමෝදර රෝහලේ තැන්පත් කර තිබේ. ලිස්සා යාමෙන් අද(20) අලුයම මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරයි. සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරික්ෂණය අද පැවැත්වීමට නියමිත ය.