හෙට ලයිට් කපන්නේ දකුණු පළාතට පමණයි - මහජන උපයෝගිතා

හෙට ලයිට් කපන්නේ දකුණු පළාතට පමණයි - මහජන උපයෝගිතා කොමිසම

by Staff writer 20-02-2022 | 8:44 PM

COLOMBO (News 1st) - හෙට(21) දිනයේ දකුණු පළාත තුළ පමණක් පැයක සිට පැය එකහමාරක් දක්වා විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ(PUCSL) සභාපති ජනක රත්නායක මහතා පවසයි.

විදුලිය කප්පාදු කරන කාලසටහන හෙට(21) දහවල් 12.00ට පෙර නිකුත් කරන බව ද ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.