රට තුළ ජාතික ආරක්ෂාව තහවුරුයි - ආරක්ෂක ලේකම්

රට තුළ ජාතික ආරක්ෂාව තහවුරුයි - ආරක්ෂක ලේකම්

by Staff writer 20-02-2022 | 9:14 PM

COLOMBO (News 1st) - ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු ගැටලුවක් නැතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ මහරගම ජනාධිපති විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි. මහරගම ජනාධිපති විද්‍යාලයේ සිසු ගුරු රණවිරු ස්මාරකයක් විවෘත කිරීම අද පෙරවරුවේ සිදු වුණේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. උත්සවයෙන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා මාධ්‍යයට අදහස් පළ කළේය. ''මේ සියලුම අංශවලට නායකත්වය දෙන සියලුදෙනාම අපි සතියකට වරක් රැස් වෙලා දවස් බාගයක් අපි බොහොම ගැඹුරින් ජාතික ආරක්ෂාව ගැන සාකච්ඡා පවත්වනවා. පහුවදාට අපි ජනාධිපතිතුමා, අගමැතිතුමාත් සමග ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම තියලා ඒවට අවශ්‍ය සියලුම පියරව ක්‍රියාත්මක කරනවා'' ප්‍රශ්නය - පහුගිය දවස් වල විවිධ ආකාරයේ ඝාතන හා සිද්ධි වාර්තා වුණා. ඔබතුමාලගේ ජාතික ආරක්ෂාවට එය යම් කිසි අයුරකින් බාධාවක් වෙයිද ? ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා ''ජාතික ආරක්ෂාව කිව්වහම එක තැනක මිනිමැරුමක් වෙන එකට වැඩිය ලොකු පරාසයක් තියෙනව තේමාවක් තමයි ජාතික ආරක්ෂාව කියලා කියන්නේ. පිටරටකින් අපේ රටට ආක්‍රමණයක් එනවනම් , ත්‍රස්තවාදී තර්ජන ඇති වෙනවනම් රටේ මිනිස්සු මැරිලා යනවනම්, කොවිඩ් වලින් මිනිස්සු මැරෙනවනම්, එහෙම නැත්නම් ස්වභාවික ආපාදා වලින් ,රටේ මිනිස්සු මැරිලා යනවනම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා කියන්න පුළුවන්. යම් කිසි තැනක මිනිමැරුමක් සිද්ද වුණා කියලා ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා කියන්න බැහැ.අද පාතාලය ක්‍රියාකාරකම් අඩු තත්ත්වයකට ගේන්න පුළුවන් වෙලා තියෙනවා. සුලු සිද්ධින් පාලනය කරන්නේ පොලිසිය විසින්. මේවා සාමාන්‍යයෙන් ඕනම රටක සිදුවෙන සිදුවීම්''