රිය අනතුරුවලින් 4ක් මරුට..

ප්‍රදේශ කිහිපයක රිය අනතුරුවලින් 4ක් මරුට..

by Staff writer 20-02-2022 | 11:50 AM

COLOMBO (News 1st) – ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, මීගමුව, කළුතර උතුර, නාරම්මල,පල්ලේකැලේ සහ කුට්ටිගල පොලිස් බල ප්‍රදේශවලදී මෙම රිය අනතුරු සිදුව ඇති බවය. කුටිටිගල පොලිස් වසමේ නෝනාගම - ඇඹිලිපිටිය මාර්ගයේ තුන්කම ප්‍රදේශයේදී කැබ් රථයක ගැටී 51 හැවිරිදි පුද්ගලයකු මිය ගි‌යේ ය. පොලිසිය සඳහන් කළේ, කළුතර - හොරණ මාර්ගයේ උග්ගල්ගොඩ මංසන්දියේදී ලොරියක් හා යතුරු පැදියක් ගැටීමෙන් 57 හැවිරිදි කළුතර උතුර ප්‍රදේශයේ පුද්ගලයකු මියගිය බවය. නාරම්මල , මීවැව , කළිපොල අතුරු මාර්ගයේදී යතුරු පැදියක් බෝක්කුවක ගැටීමෙන් එය පැදවූ 22 හැවිරිදි තරුණයෙකු මිය ගියේ ය. මහනුවර - මහියංගනය මාර්ගයේ ලක්සෙන්පාය ප්‍රදේශයේදී වෑන් රථයක් යතුරු පැදියක ගැටී 54 හැවිරිදි පුද්ගලයෙකු මියගිය බව පොලීසිය සඳහන් කළේ ය ඔහු මහනුවර පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකි. මීගමුව, කුරණ, කැප්පෙටිපොල මාවත දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලැබුවේ ය.