by Staff writer 20-02-2022 | 6:57 PM
COLOMBO (News 1st) - ඔස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ 05වන සහ අවසන් තරගය ශ්‍රී ලංකාව කඩුලු 5කින් ජය ගැනීමට සමත් විය.
ඒ අනුව ඔස්ට්‍රේලියාවට 5 - 0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි විය.
මෙල්බන්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස් කළේ ය.
ඔස්ට්‍රේලියා වෙනුවෙන් මැතිව් වේඩ් නොදැවී ලකුණු 43යි.
ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර කඩුලු 2 බැගින් දවා ගන්නා ලදී.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙල කඩුලු 4 ලකුණු 71 තුළ බිඳවැටුණි.
චරිත් අසලංක ලකුණු 20ක් රැස් කළේ ය.
වේගවත් පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 58 තුළ 4 පහර 5ක් සහ 6 පහරක්ද සමගින් නොදැවී ලකුණු 69 රැස් කළේ ය.
නායක දසුන් ශානක ලකුණු 35 යි.
පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේදී ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ කඩුලු 5ක් පමණක් දැවී තිබියදීය.
තරග 4 - 1ක් ලෙස තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට හිමිවිය.