සැකකටයුතු මළ සිරුරක් ගල්ගමුවෙන්..

සැකකටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් ගල්ගමුවෙන්..

by Staff writer 19-02-2022 | 11:08 AM

COLOMBO (NEWS1ST): පාදෙණිය - අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව, මීගස්හන්දිය අසළ සැකකටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, හිසට බරපතල තුවාල සහිතව මියගොස් සිටි 29 හැවිරිදි අඹන්පොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ මළසිරුරක් එලෙස සොයාගෙන ඇති බවය. එය රිය අනතුරක් ද, නැතහොත් මනුෂ්‍ය ඝාතනයක් ද යන්න සොයා වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය පැවසුවේ ය.