මෙරට මුහුදේදී ඉන්දීය ධීවරයින් 06ක් කොටු..

ශ්‍රී ලංකා මුහුදට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 06ක් නාවික හමුදාව භාරයට..

by Staff writer 19-02-2022 | 10:55 AM

COLOMBO (NEWS1ST) : යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

එම ධීවරයින් සමග ඉන්දීය ඩව් යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.