ඉන්ධන මිල වෙනස් කළ යුතු කාලය ඉක්මවා ගිහින්

මෙරට ඉන්ධන මිල සංශෝධනය කළ යුතු කාලය ඉක්මවා ගිහින් තියෙන්නේ - මහ බැංකු අධිපති

by Staff writer 19-02-2022 | 10:02 PM

COLOMBO (News 1st) - මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ යුතු කාලය ඉක්මවා ගොස් ඇති බව ය.

කලාපයේ සෙසු රටවල් හා සැසදීමේදී පෙට්‍රල් හා ඩීසල් පොම්ප කිරීමේ ගාස්තු අඩු මට්ටමක පවතින බව අදාළ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ . ශ්‍රී ලංකාවේ එම අගය ඇතැම් රටවල ගාස්තුව මෙන් අඩකටත් අඩු බව මහ බැංකු අධිපතිවරයා සිය ට්විටර් පණිවිඩය හරහා දැනුම් දෙයි.