කොස්තාපල්ගේ ඝාතනය: කාන්තාවක් ඇතුළු 4 ක් කොටු..

පොලිස් කොස්තාපල් ඝාතනය කිරීමේ සිද්ධියට කාන්තාවක් ඇතුළු සැකකරුවන් 4 ක් අත්අඩංගුවට..

by Staff writer 19-02-2022 | 11:39 AM

COLOMBO (News 1st) – තංගල්ල, විතාරන්දෙණියේදී පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, කොස්තාපල්වරයාගේ නිවසට යාබද හෝටලයක් ඉදිකර ගෙන යන ස්ථානයක සිටි පිරිසක් පොලිස් කොස්තාපල්වරයාට පහර දී එලෙස ඝාතනය කර ඇති බවය. එලෙස මිය ගියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල පිවිසුමට අනියුක්තව සේවය කළ 34 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.