by Staff writer 19-02-2022 | 4:53 PM
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ නීතීඥ චමින්ද කුලරත්න මහතා ජනාධිපති අතිරේක ලේකම් ධූරයකට පත් කර තිබේ.
ඊට අමතරව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්වරයා වශයෙන්ද කටයුතු කරනු ලබන්නේ ද චමින්ද කුලරත්න මහතා විසිනි.
වසර 20 කට අධික කාලයක් රජයේ විවිද තනතුරු දරමින්, ජාතික හා ජාත්‍යන්තර පරිපාලනමය හා රාජතාන්ත්‍රික අත්දැකීම් ඇති පුද්ගලයෙක් ලෙස
චමින්ද කුලරත්න මහතා හැඳින්විය හැකිය.