by Staff writer 19-02-2022 | 10:45 AM
COLOMBO (NEWS1ST) : කල් ඉකුත්වූ වී මිලදී ගෙන නිකවැරටිය ප්‍රදේශයේ ගබඩා කර තැබීම සම්බන්ධයෙන් වයඹ වැඩබලන ප්‍රාදේශීය කළමනාකාරවරයා සහ සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරියගේ සේවය අත්හිටුවා තිබේ.
කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළේ, වී ගබඩා 2 ක පරණ වී ගබඩා කර ඇති බවට වයඹ ගොවි සංවිධාන නියෝජිතයින්ගෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලද තොරතුරකට අනුව කඩිනම් විමර්ශනයක් ආරම්භ කර තිබූ බවය.
අදාළ වී ගබඩා තුළ වී කිලෝග්‍රෑම් ලක්ෂ 15 කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර ඇති අතර, ඉන් වී කිලෝග්‍රෑම් ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් සත්ත්ව ආහාර සඳහා යොදා ගැනෙන ඉතාමත් පරණ වී බවට කළ විගණන විමර්ශනයේදී අනාවරණ වී තිබේ.
ඒ අනුව අදාළ නිතිවිරෝධී වී මිලදී ගැනීම හා ගබඩා කිරීම සිදු කළ වයඹ වැඩබලන ප්‍රාදේශීය කළමනාකාරවරයා සහ අදාළ ගබඩාව භාරව සිටි සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරියගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.
නිකවැරටිය ප්‍රදේශයේ ඇති එම වී ගබඩා දෙක මේ වනවිට විගණන නිලධාරීන් විසින් මුද්‍රා තබා ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද භාර දී තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන්ද පරීක්ෂණයක් සිදු කෙරේ.