ඉන්දීය අගමැති⁣ගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ

ඉන්දීය අගමැති⁣ගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ හෙළිවෙයි

by Staff writer 19-02-2022 | 10:17 PM

COLOMBO (News 1st) - දෙමළ ජාතික සන්ධානයේ නියෝජීතයින් ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඊයේ (18) පස්වරුවේ හමුවී තිබේ .

ලබන මාසයේ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය විදේශ කටයුතු අමාතය ආචාර්ය එස්. ජයශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව එහිදි සාකච්ඡා වූ බව දෙමළ ජාතික සන්ධානය නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ. දේශපාලන විසඳුමකට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එහා ගිය බලය බෙදීමේ අවශ්‍යතාව පිළිබද ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදි අවධානය යොමු කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා මේ සාකච්ඡාවේදී සඳහන් කර තිබේ.