දිවයින පුරා කාණ්ඩ 4ක් යටතේ විදුලි කප්පාදුවක්

BREAKING : දිවයින පුරා කාණ්ඩ 4ක් යටතේ විදුලි කප්පාදුවක්

by Staff Writer . 18-02-2022 | 2:40 PM

COLOMBO (News 1st) – අද දිනයේ අදියර දෙකක් යටතේ විදුලිය කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව අද පස්වරු 2.30 ත් සවස 6.30 දක්වා පැයක කාලයක් සහ සවස 6.30 ත් රාත්‍රී 10.30 ත් අතර මිනිත්තු 45 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ දිවයින පුරා ඛාණ්ඩ 04 ක් යටතේ විදුලි කප්පාදුව සිදුකෙරෙන බවයි.