by Staff Writer . 18-02-2022 | 3:13 PM
COLOMBO (News 1st) – යතුරුපැදි සොරකම් කිරීම හා වෙළෙඳසැල් බිඳ භාණ්ඩ සොරාගත් සැකකරුවන් තිදෙනෙකු බොරලැස්ගමුව සහ මහරගම ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, සැකකරුවන් සොරාගත් යතුරුපැදි දෙකක් සහ දේපොළ රැසක් ද සොයාගත් බවයි.
33 හා 43 හැවිරිදි සැකකරුවන් බොරලැස්ගමුව සහ මහරගම ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
ඔවුන් පාදුක්ක , මහරගම , ගල්කිස්ස හා මොරගහහේන පොලිස් බල ප්‍රදේශවල මෙම සොරකම් සිදුකර ඇති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ.
මේ අතර ත්‍රීරෝද රථ සොරකම් කළ පුද්ගලයකු හා ඒවා මිලදී ගැනීමට සම්බන්ධ සැකකරුවෙකු රාගම බන්ධනාගාර මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබේ.