තංගල්ලේදී පහරදී කොස්තාපල්වරයකු ඝාතනය කෙරේ

තංගල්ලේදී පහරදී කොස්තාපල්වරයකු ඝාතනය කෙරේ

by Staff Writer . 18-02-2022 | 8:26 AM

COLOMBO (News 1st) – තංගල්ල, විතාරන්දෙණිය ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයකු ඝාතනය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඔහුගේ නිවසට, යාබද හෝටලයක් ඉදිකර ගෙන යන ස්ථානයක සිටි පිරිසක් පොලිස් කොස්තාපල්වරයාට පහර දී ඊයේ රාත්‍රී එලෙස ඝාතනය කර ඇති බවයි. නිවසේ සිටි කොස්තාපල්වරයාගේ බිරිඳට සහ තවත් පුද්ගලයකුට ද අදාළ පිරිස පහර දී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.