by Staff writer 18-02-2022 | 5:58 PM
COLOMBO (News 1st) – ඕස්ට්‍රේලියාවට එරෙහි 4වන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.
ඒ අනුව, මෙම තරගයේදී ඔස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක් හිමිවිය.
තරග 5කින් සමන්විත තරගාවලිය ඔස්ට්‍රේලියාව මේ වනවිට 4 - 0ක් ලෙස ඉදිරියෙන් සිටී.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 139ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 18 එක් පන්දුවක් අවසානයේ දී කඩුලු 4ක් දැවී තිබියදී ලකුණු 143 ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.