English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
18 Feb, 2022 | 5:31 pm
හයිදර් : හා.. මං කතා කරගෙන ඉන්නම්
මේ ළිං කුහරයක් තුළ සැඟව ගිය කුඩා හයිදර් සිය පියා සමග කළ අවසන් වචන හුවමාරුවයි.
——————————————————————————————————————————–
ඒ ළිං කුහරයකට වැටී දින 4 ක් තිස්සේ ජීවිතය ඉල්ලා අරගල කළ හයිදර් නමැති දරුවා ජීවිතයෙන් සමු ගැනීම පිළිබඳ අවාසනාවන්ත පුවතයි.
දින 4කට පෙර ළිං කුහරයකට වැටී එහි සිරවී සිටි හයිදර් බේරා ගැනීමට ඇෆ්ගනිස්ථාන මුදා ගැනීමේ කණ්ඩායම් දිවා රෑ නොබලා දැඩි වෙහෙසක නිරත විය.
අගලක් පවා කපමින් මුදා ගැනීමේ කණ්ඩායම් උත්සාහ කළේ, ළිං කුහරයේ අඩි 80 ක් පමණ ගැඹුරක සිර වී සිටි දරුවා නිරුපද්‍රිතව බේරා ගැනීමටයි.
දරුවා ළිං කුහරය තුළට වැටී සිටි මුල් අවස්ථාවේ රැස්ව සිටි පිරිස් ලණුවක් ආධාරයෙන් දරුවා බේරා ගැනීමට උත්සාහයක නිරතව ඇති බවත් එහිදී අවාසනාවන්ත ලෙස දරුවා තව තවත් ළිං කුහරය තුළට ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.
පසුව මුදා ගැනීමේ කණ්ඩායම් දරුවා ළිං කුහරයෙන් යම් දුරක් ඉහළට රැගෙන විත් තිබුණ ද යළිත් අතරමගදී දරුව සිර වී ඇත්තේ, බලාපොරොත්තුවේ දෑස් අයා සිටි සැමගේ සුසුම් පවා මොහොතකට නරත කරවමිනි.
මුල් අවස්ථාවේ දරුවා සිය පියා සමග සන්නිවේදනයේ නිරතව තිබුණ ද අවසන් පැය 30 ඇතුළත දරුවාට කිසිදු කෑමක් හෝ බීමක් හෝ ලබා දීමට පවා හැකියාවක් ලැබී නොමැති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
අවසානයේ සියලු දෙනාගේ සිත්වලට සතුටක් ගෙන දෙමින් දරුවා බේරා ගත්ත ද, ඒ වනවිටත් හයිදර් සිට ඇත්තේ, ඉතා දුර්වල තත්ත්වයකයි.
මෙහෙයුම් අතරතුර සේව් හයිදර් ලෙස සිතුවමක් පවා නිර්මාණය වූ අතර හයිදර්ගේ ජීවිතය රැක දෙන මෙන් ඉල්ලා ලොව පුරා ජනතාව යාඥා කරන්නට ද විය.
ළිං කුහරයෙන් පිටතට ගත් හයිදර් ගුවන් මගින් කාබුල්හි රෝහලකට රැගෙන යාමට කටයුතු කළ ද ඒ වනවිටත් මේ පුංචි මල් කැකුල අවසන් ගමන් ගොස් තිබිණ.
අවසන මොරොක්කෝවේ රයන්ට, මෙන්ම ඇෆ්ගනිස්ථානයේ හයිදර්ටත් සිදුවූයේ, ලෝකය දකින්න පෙර ලොව හැරයාමටයි.
පුංචි රයන් නිසා තෙත්වූ මනුසිත්වල අඳුරු මතකය මැකී යන්නටත් මත්තෙන් සියලු දෙනාගේ හදවත් යළි සසල කරවමින් පුංචි හයිදර් අවසන් ගමන් ගියේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව ලොව සියලු වැඩිහිටියන්ට යළි යළිත් සිතන්නට අවස්ථාවක් සලසමිනි.
04 Jul, 2022 | 04:47 PM
01 Jul, 2022 | 04:38 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS