හොරණදී පැහැර ගත් දරුවා සොයා ගැනේ..

හොරණදී පැහැර ගත් දරුවා සොයා ගැනේ..

by Staff writer 17-02-2022 | 7:24 PM

COLOMBO (News 1st) – හොරණ, කඳන ප්‍රදේශයේදී පැහැර ගත් වයස අවුරුදු 8 ක පිරිමි දරුවා සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

දරුවා හොරණ මූලස්ථාන පොලීසිය භාරයට ගෙන ති‌බේ. මේ අතර ,මිත්තනිය භාරයේ සිටි සිය දරුවා පැහැරගෙන ගිය සැකකරු අද(17) දහවල් පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ , අඟුරුවාතොට , වල්පිට ප්‍රදේශයේ නිවසක ඔහු සැඟවී සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය වැටලීමක් කළ බවයි. එම අවස්ථාවේ සැකකරු නිවසේ සැඟව සිට පොලිසියට වෙඩි තබා තිබේ. එහිදී පොලිසිය එල්ල කළ ප්‍රතිහාරවලින් සැකකරු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.