දරුවා පැහැරගත් සැකකාර පියා පොලිස් වෙඩි පහරින් මරුට

හොරණදී දරුවා පැහැරගත් සැකකාර පියා පොලිස් වෙඩි පහරින් මරුට

by Staff writer 17-02-2022 | 4:30 PM

COLOMBO (News 1st) – හොරණ, කඳන ප්‍රදේශයේ මිත්තනිය භාරයේ සිටි සිය දරුවා පැහැරගෙන ගිය සැකකරු අද(17) දහවල් පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ , අඟුරුවාතොට , වල්පිට ප්‍රදේශයේ නිවසක ඔහු සැඟවී සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය වැටලීමක් කළ බවයි. එම අවස්ථාවේ සැකකරු නිවසේ සැඟව සිට පොලිසියට වෙඩි තබා තිබේ. එහිදී පොලිසිය එල්ල කළ ප්‍රතිහාරවලින් සැකකරු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. සැකකරු සතුව තිබූ ටී - 56 ගිනි අවියක් සහ උණ්ඩ තොගයක්ද පොලිසිය භාරයට ගෙන තිබේ. එම අවස්ථාවේ පැහැරගත් දරුවා සැකකරු සන්තකයේ නොසිටි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ ය. පැහැරගත් දරුවා සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ අතර , අදාළ සැකකරු පසුගියදා සිය බිරිදගේ දෑත් කපා දැමීම හේතුවෙන් ඇය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.