by Staff writer 17-02-2022 | 9:31 PM
COLOMBO (News 1st) – සමාජ මාධ්‍ය තුළ දේශපාලන හා සමාජ සිදුවීම් පිළිබඳව විවේචනාත්මක මත පල කරන්නෙකු වන මනෝරම වීරසිංහ මහතා අද(17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) කැඳවා තිබුණි.
ඔහු සඳහන් කළේ, තමන් කැඳවීමට හේතුව නොදන්නා බවය.
මේ නිසා මනෝරම වීරසිංහ මහතා ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් තමන් කඳවීමට හේතුව විමසා අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද ලිපියක් යොමු කර තිබේ.
ඔහු සඳහන් කළේ, එම ලිපිය අනුව කැදවීමට හේතුව දැන්වීමෙන් පසුව නිලධාරීන්ට අවශ්‍ය සියලු තොරතුරු ලබා දීමට තමන් සූදානම් බවයි.