රන්ජන් ජනපති කොමිසමක් හමුවට..

රන්ජන් බන්ධනාගාරයෙන් ජනපති කොමිසමක් හමුවට..

by Staff writer 17-02-2022 | 9:18 PM

COLOMBO (News 1st) –  සිරගත කර සිටින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (17) දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කර ඇති ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන අංශයට කැඳවා තිබුණි.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයට අද උදෑසන 9:30 ට පමණ ඔහු රැගෙන ආවේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ ය. පැමිණිලි 6ක වගඋත්තරකරුවෙකු ලෙස රන්රන් රාමනායක මහතා අද කැඳවා තිබූ අතර ඔහු පැය 4 ක පමණ කාලයක් පොලිස් ඒකකයට ප්‍රකාශ ලබා දුන්නේ ය.