දුම්රිය වර්ණ සංඥා කේබල් සොරකම් කළ 2ක් කොටු..

දුම්රිය වර්ණ සංඥා කේබල් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට..

by Staff writer 17-02-2022 | 5:14 PM

COLOMBO (News 1st) – ප්‍රධාන දුම්රිය මාර්ගයේ කැලණි පාලමට පහළින් සවිකර තිබූ වර්ණ සංඥා කේබල් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, කේබල් සොරා ගැනීම හා ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අදාළ කේබල් කොටස ද සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. එහි වටිනාකම රුපියල් 56,000 කි. කොළඹ අපරාධ කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 42 සහ 48 යන වයස්වල පසුවන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. ඔවුන් අද (17) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.