තවත් ගම්මානයක පවස නිවාලූ ගම්මැද්ද

තවත් ගම්මානයක පවස නිවාලූ ගම්මැද්ද

by Staff writer 17-02-2022 | 9:57 PM

COLOMBO (News 1st) – පිපාසයට වතුර සොයාගන්න අප්‍රමාණ දුක් විඳින මිනිස්සු තාමත් මේ රටේ ඕනෑ තරම් සිටී.

කැබිතිගොල්ලෑව, මහා කටුවරගාලවැව ගම්මානය කියන්නෙත් එහෙම මිනිස්සු ඉන්න ගමකි. හා කටුවරගාල වැව ගම්මු වතුර කළයක් පුරවගන්න කිලෝමීටර ගණනාවක් ඇවිද ගියේ ය. ඔවුන්ගේ ජල අරගලය අදින් අවසන් ය. නව ජල පිරිපහදු මධ්‍යස්ථානය ගම්මැද්ද අද (17)ජනසතු කළේ, ගම්වැසි පවුල් 110 කගේ පිපාසය සංසිදුවන්නටයි. ජනතාව වෙනුවෙන් පෙරට එන ජනතාවගේ සහායෙන් ක්‍රියාත්මක ගම්මැද්ද මෙවර ව්‍යාපෘතියට මූල්‍යමය දායකත්වය ලබා දුන්නේ ජාත්‍යන්තර කාන්තා සමාජයේ හිටපු සභාපතිනි සුරනි සේනානායක මහත්මියයි. ජාතික ජල සම්පාදන මණ්ඩලය, ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දුන්නේ ය. ගම්වාසීන් මම හිතනවා මින් පස්සේ දේශපාලනඥයින්ට ගමට ආයේ එන්න බැරි වෙයි රෙදි ඇඳගෙන. මොකද රෙදි ඇඳගෙන එන්න පුළුවන් කමක් නෑ මේක දැක්කාම ඇඟ හිරි වැටෙන්න ඕන. ගම්මැද්ද ක්‍රියාත්මක කරපු වැඩටහන මගින් ඉදිරි පරම්පරාව ගොදුරු වෙලා හිටපු ඒ වකුගඩු රෝගයෙන් මගේ ජනතාව මිදෙනවා. ගම්මානයක් වශයෙන් අපිට හරි සතුටුයි. ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා ගම්මැද්ද මේ කරන වැඩසටහනට. අපිට දිය පොදක් ලබා දීම සම්බන්ධයෙන් මහා කටුවරගාලවැව ගම්මුන්ගේ හෙට දවස දැන් සුරක්ෂිතයි. ඒ අන් කිසිවක් නිසා නොවෙයි.... ලෙඩවෙයි කියා බියෙන් යළි වතුර බොන්නට නොවන නිසා