සියලු මරණවලට PCR අනිවාර්ය නැහැ..

සියලු මරණවලට PCR අනිවාර්ය නැහැ.. - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

by Staff Writer . 16-02-2022 | 11:51 AM

COLOMBO (News 1st) –රෝහලක් තුළදී හෝ රෝහලක් නොවන ස්ථානයකදී සිදුවන සියලුම මරණ සඳහා PCR පරීක්ෂණ අත්‍යවශ්‍ය නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ,  අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිර්දේශ කරන අවස්ථාවකදි PCR පරීක්ෂාව කළ හැකි බවයි. කොවිඩ් ආසාදිව පුද්ගලයින්ගේ සිරුර අදාහනය කිරිම සම්බන්ධයෙන් නිකුත් කර ඇති රෙගුලාසි තවදුරටත් ඒ අයුරින්ම කියාත්මක බව අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් ය.