by Staff Writer . 16-02-2022 | 9:25 AM
COLOMBO (News 1st) – රුසියාවට යුරෝපය තුළ යුද්ධයක් අවශ්‍ය නොවන බව ජනාධිපති ව්ලැදිමිර් පුටින් අවධාරණය කරයි.
ඒ ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සමග පැවති එකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ජාවකට එක් වෙමිනි.
කේසේ වෙතත් රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ලෙස අවධානය යොමු කළ යුතුව ඇති බවයි.
මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් කියා සිටියේ , යුක්‍රේනය තුළ රුසියානු ආක්‍රමණයක් සිදුවිමේ ඉඩකඩ තවමත් පවතින බවයි.
ඔහු පැවසුවේ රුසියාව එවැනි ආක්‍රමණයක් කළ හොත් තිරණාත්මක ප්‍රතිචාරයක් දැක්විමට ඇමරිකාව ද සූදානම් බවයි.
මේ අතර යුක්රේන ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවිය සහ ත්‍රිවිධ හමුදා වෙබ් අඩවි මෙන්ම රාජ්‍ය ආයතන කිහිපයක වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අදාළ සයිබර් ප්‍රහාර රුසියාව එල්ල කරන්නට ඇතැයි සැක පළ කරන බව යුක්රේන බලධාරින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.