මතුගම වෙඩි තැබීමක්... කාන්තාවක් මරුට

මතුගම නිවසකට කඩා වැදුණු දෙදෙනක් කාන්තාවක වෙඩි තබා ඝාතනය කරයි

by Sagarika Chathumali 16-02-2022 | 8:09 AM
 

Colombo (News 1st) මතුගම, බාලිකාපාර ප්‍රදේශයේදී නිවසකට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙක් කාන්තාවක වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ,ඊයේ රාත්‍රී සිදු වූ වෙඩි තැබීමෙන් 38 හැවිරිදි කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ පොලීසිය තිබී ටී. 56 උණ්ඩ කොපු 06 ක් සොයා ගෙන තිබේ. සැකකරුවන් මෙම කාන්තාවගේ ස්වාමි පුර්ෂයා ඝාතනය සඳහා පැමිණ ඇති බවට දැනට කරන ලද විමර්ශනවලදී නිරීක්ෂණය වී ඇති බවත් වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ නිවසේ සිටිය ද වෙඩි තැබීම්වලින් ඔහු බේරී ඇති බව ත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.