by Staff Writer . 16-02-2022 | 9:30 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (16) ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා හමු වී තිබේ.
පාඨලී චම්පික රණවක මහතා සමග 43 වන සේනාංකයේ විධායක සාමාජිකයින් කිහිපදෙනෙකු ද මේ සාකච්ඡාවට එක් වී සිටියේ ය.
සාකච්ඡාවෙන් පසුව ඔවුන් සඳහන් කළේ, ඉතා සුහද සහ සාර්ථක සාකච්ඡාවක් පැවැත්වූ බව ය.