by Staff Writer . 16-02-2022 | 1:27 PM
COLOMBO (News 1st) – ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග සංස්ථාව සතු බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එහි සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, ජනතාව පෝලිම්වල සිට ඉන්ධනන ලබා ගැනීමට අවශ්‍ය නැති බවයි.
කෙසේ වෙතත් අදත් දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් දක්නට ලැබුණු බව අප වාර්තාකරු පැවසූහ.
අතැම් පිරවුම්හල් ඉන්ධන නැතැයි දන්වමින් වසා තිබූ බව ද වාර්තා වේ.
කොළඹ නගරයේ ඇතැම් ස්ථානවල සාමාන්‍ය පරිදි ඉන්ධන ලබාදෙන අයුරු ද දක්නට ලැබිණ.
මේ අතර ඉන්ධන මිල වැඩි කරන ලෙස ඉල්ලීමක් කළ ද මෙතෙක් එවැනි තීරණයක් ලබාදී නැති බව සභාපතිවරයා සඳහන් කළේ ය.