පක්ෂ ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

පක්ෂ ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

by Staff Writer . 16-02-2022 | 2:15 PM

COLOMBO (News 1st) – මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන් කැඳවීමට තීරණය කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ලබන 23 වනදා පෙරවරුවේ අදාළ රැස්වීම පැවැත්වෙන බවයි. මෙහිදී පාර්ලිමේන්තුවේ මැතිවරණ නීති සංශෝධනය පිළිබඳ පත් කර ඇති විශේෂ කාරක සභාවට මැතිවරණ කොමිසම ඉදිරිපත් කළ යෝජනා සඳහා දේශපාලන පක්ෂවල සහය ලබා ගැනීමට නියමිතව තිබේ. මීට අමතරව පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය පිළිබඳව මෙහිදි අවධානය යොමු කිරීමට නියමිතව ඇතැයි සඳහන් ය. මැතිවරණ කොම්සමේ සභාපතිවරයා සඳහන් කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව ඔනැම මොහොතක මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් බවයි.