by Sagarika Chathumali 16-02-2022 | 3:27 PM
COLOMBO (News 1st) – ඉදිකිරීම් කටයුතු නිම කළ කටුනායක - මීගමුව ද්විත්ව දුම්රිය මාර්ගය ධාවනය සඳහා භාර දීම අද (16) දින පෙරවරුවේ සිදු කෙරිණ.
ඒ ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, මීගමුව දක්වා ද්විත්ව මාර්ග ඉදි වීමත් සමග කොළඹ කොටුවේ සිට මීගමුව දක්වා ගමන් ගන්නා දුම්රිය මගීන්ට විනාඩි 45 ක පමණ කාලයක් ඉතිරි කර ගැනීමට හැකි වන බවයි.
මෙම ඉදි කිරීම් යටතේ නව විදුලි සංඥා පද්ධතියක් ද ස්ථාපනය කර තිබේ.