by Staff Writer . 16-02-2022 | 10:58 AM
COLOMBO (News 1st) – අනුරාධපුර සිට වව්නියාව දක්වා දුම්රිය මාර්ගය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ලබන මස 05 වැනිදා සිට මාස 5 ක කාලයක් සඳහා වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය ධාවන අධිකාරි, ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, දුම්රිය මාර්ගය වසා දැමීමෙන් පසු යාල්දේවි සහ අංක 14 දරන දුම්රියන්ට වව්නියාව දුම්රිය ස්ථානයෙන් සම්බන්ධිත දුම්රියන් යොදවන බවයි.
මේ අතර මගීන් ප්‍රවාහනය සඳහා අනුරාධපුර සිට වව්නියාව දක්වා බස් රථ යොදවන බව ද දුම්රිය ධාවන අධිකාරිවරයා සඳහන් කළේ ය.
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙම සංවර්ධන කටයුතු සිදු කෙරෙන අතර මෙහි දෙවන අදියර ලෙස අනුරාධපුර සිට මහව දක්වා කොටස මාස 6ක කාලයක් සඳහා පසුව වසා දැමෙනු ඇති.