සෞඛ්‍ය වැඩ වර්ජනය තාවකාලිකව නවතී

සෞඛ්‍ය වැඩ වර්ජනය තාවකාලිකව නවතී

by Staff Writer . 15-02-2022 | 1:54 PM

COLOMBO (News 1st) –  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ, දින 14ක් සඳහා වර්ජනය අත්හිටවූ බවයි. ඒ අනුව සෞඛ්‍ය සේවයේ වෘත්තීය සංගම් 18 ක් දින 9 ක් පුරා සිදු කළ වර්ජනය හෙට උදෑසන 8 සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවනු ඇති.