නුදුරු අනාගතයේ විදුලි කප්පාදුවක් නැහැ...

විදුලි කප්පාදුවක් නැහැ... මහාපරිමාණ ආයතනවලට ජාතික පද්ධතියෙන් විදුලි භාවිතයට සීමා

by Staff Writer . 15-02-2022 | 4:56 PM

COLOMBO (News 1st) –  මහජන උපයෝගිතා කොමිසම හඳුන්වාදුන් නව ක්‍රමවේදය අනුව ඉදිරි මාස 03 තුළ විදුලි කප්පාදුවක් කිරිමට අවශ්‍යතාවක් නැතැයි, මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

අද පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ සඳහා නව සැලස්මක් ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව මහාපරිමාණ ආයතන දිනකට පැය 4 ක් තමන් සතු විදුලි ජනන යන්ත්‍ර භාවිතයෙන් විදුලි අවශ්‍යතා සපුරා ගත යුතුයි. මහල් නිවාසවල පදිංචි පුද්ගලයින් පස්වරු 6.00 ත් රාත්‍රි 10.00 ත් අතර වායුසමන යන්ත්‍ර භාවිත කරන්නේ නම්, තමන් සතු විදුලි ජනන යන්ත්‍ර භාවිත කළ යුතු වේ. මිට අමතරව රාජ්‍ය ආයතනවල විදුලි පාරිභෝජනය සිමා කිරිමද නව ක්‍රමවේදයට ඇතුළත් බව ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ ය.