වනිඳු හසරංගට කොවිඩ්

වනිඳු හසරංගට කොවිඩ්

by Sagarika Chathumali 15-02-2022 | 10:22 AM

COLOMBO (News 1st) –  ඔස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර 20 / 20 ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොවිඩ් ආසාදනය වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, අද උදෑසන සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔහුට වෛසරය ආසාදිත බවට තහවුරු වී ඇති බවයි. කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසු ඔහු හුදකලා තත්ත්වයේ පසුවන බව ද එම නිවේදනයේ සඳහන් ය. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තුන්වන තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 1.40ට කැන්බරාහීදී ආරම්භ වේ. තරග 5 කින් සමන්විත තරගාවලිය තරගය 2 ට 0 ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ සත්කාරක ඔස්ට්‍රේලියාවයි.