වතු කම්කරු පවුල්වලට සහන මිලට තිරිඟු පිටි

වතු කම්කරු පවුල්වලට සහන මිලට තිරිඟු පිටි

by Staff Writer . 15-02-2022 | 4:16 PM

COLOMBO (News 1st) –  වතු කම්කරු පවුල් සඳහා මාසිකව තිරිඟු පිටි 15Kg ක් සහන මිල ලබාදීමට කැබිනට් අනුමැතිය.

වතුකරයේ පවුල්වලට කිලෝව රුපියල් 80 බැගින් මාසයකට තිරිඟු පිටි කිලෝ 15ක් ලබා දීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළේ ය. මෙම තිරිඟු පිටි කිලෝ 15 නිවෙස් වලට ලබා දීමට සැලසුම් කෙරෙයි. එමෙන්ම සමෘද්ධි ප්‍රතිලාභ නොලැබෙන අඩු ආදායම්ලාභී පවුල් 40 ක් එක් ග්‍රාමසේවා වසමකින් තෝරා ගෙන මසකට රුපියල් 2000ක සහන මල්ලක් ලබා දීමට කැබිනට් අනුමැතිය හමිව තිබේ.