ප්‍රවීණ ගේය පද රචක චන්ද්‍රනාත් දිවියෙන් සමුගනී

ප්‍රවීණ ගේය පද රචක සමන් චන්ද්‍රනාත් අභාවප්‍රාප්ත වෙයි

by Staff Writer . 15-02-2022 | 3:39 PM

COLOMBO (News 1st) –  ප්‍රවීණ ගේය පද රචකයෙකු වන සමන් චන්ද්‍රනාත් විරසිංහ මහතා අභවප්‍රාප්තවී තිබේ.

මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 75 කි. සමන් චන්ද්‍රනාත් විරසිංහ මහතා රචනා කළ ගීත අතරට හිම රේණු වැටෙනා සීතලේ ,සඳ මඬලේ සිට – තරු මඬලේ සිට , සඳුනි - සඳුනි ආදී ගීත රැසක් ඇතුළත් ය. කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා අද අලුයම අභවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු පැවසූහ.