by Staff writer 15-02-2022 | 6:32 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට තරග 2ක් ඉතිරිව තිබියදීම සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අද (15) තරගාවලියේ ජය තහවුරු කර ගත්තේ ය.
ඒ, කැන්බරාහිදී පැවැති තුන්වැනි තරගය කඩුලු 6කින් ජය ගැනීමත් සමගිනි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 121 ක් රැස් කළේ ය.
නායක දසුන් ශානක නොදැවී ලකුණු 39යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 16යි පන්දු 4කදී කඩුලු 4ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.
ග්ලෙන් මැක්සවෙල් ලකුණු 39ක් රැස් කළේ ය.
මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් දවා ගත්තේය.