කොරෝනා ආසාදිතයින් 1,252 ක්… මරණ 30 ක්

කොරෝනා ආසාදිතයින් 1,252 ක්… මරණ 30 ක්

by Sagarika Chathumali 15-02-2022 | 10:16 PM

COLOMBO (NEWS1ST): අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,252 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර තවත් කොරෝනා මරණ 30 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15,874 ක් දක්වා ඉහළ ගියේ ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස වාර්තා වී ඇත්තේ, පිරිමි ආසාදිතයින් 20 දෙනෙක් සහ කාන්තාවන් 10 දෙනෙකු ලෙසයි. අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 08 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 22 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය. අද (15) වාර්තා කරන ලද මෙම මරණ 30 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.