කැලණිතිස්සට මෙතෙක් ඩීසල් ලබා දී නෑ..

විදුලිය නිෂ්පාදනයට කැලණිතිස්ස බලාගාරයට මෙතෙක් ඩීසල් ලබාදී නෑ - ලංවිම

by Staff writer 14-02-2022 | 7:35 AM

COLOMBO (NEWS1ST): විදුලිය නිෂ්පාදනයට කැලණිතිස්ස බලාගාරයට මෙතෙක් ඩීසල් ලබා දී නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක හා අතිරේක සාමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමුණි මහතා සඳහන් කළේ, පසුගිය 02 වැනිදා සිට එම බලාගාරයේ කටයුතු ඇනහිට ඇති බවය. මේ අතර, සපුගස්කන්ද විදුලි බලාගාරයට අවශ්‍ය ඉන්ධන හෙට දිනයටත් ලබා දීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟතාව පළ කර ඇති බව ඇන්ඩෲ නවමුනි මහතා පැවසුවේ ය. ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ, විදුලි උත්පාදනය මේ දිනවල 25%ක් ජල විදුලියෙන් සිදු කෙරෙන බවය. කෙසේ වෙතත් විදුලිය නිෂ්පාදනයට කාසල්රී ජලාශයේ පවතින ජල ධාරිතාව ප්‍රමාණවත් වන්නේ තවත් සතියක් වැනි කාලයක් සඳහා ය. විදුලි උත්පාදනයට සමනල වැව ජලාශයේ ජල ධාරිතාව ද තවත් මාසයක කාලයක් සඳහා ප්‍රමාණවත් බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ ය. මේ අතර මාස 03 ක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරිමට ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කළ බැවින් ඒ සඳහා අවසර දීමට සිදුවිය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පසුගිය දිනවලදී සඳහන් කළේ ය.