ලිඳුල හෝටලයක ගින්නකින් සේවකයෙක් මියයයි

ලිඳුල හෝටලයක ගින්නකින් සේවකයෙක් මියයයි

by Staff Writer . 14-02-2022 | 1:48 PM

COLOMBO (NEWS1ST): නුවරඑළිය ලිඳුල ප්‍රදේශයේ හෝටලක අද උදෑසන ඇතිවු ගින්නකින් එහි සේවකයෙක් ජීවිතක්ෂයට පත්විය.

පොලිසිය සඳහන් කළේ, අදාළ හෝටලයෙහි මුළුතැන්ගෙයි ආහාර පිසිමින් සිටින අවස්ථාවේදී ඔහු ඇඳ සිටි ඇඳුමට ගිනි ඇවිලීමෙන් බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලබා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මිය ගොස් ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකි.