by Staff Writer . 14-02-2022 | 1:26 PM
COLOMBO (NEWS1ST): දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල ඖෂධ සැපයීම, රසායනාගාර සහ විකිරණ පරීක්ෂණ මෙන්ම රෝගී සත්කාරක සේවාවන් අදත් ක්‍රියාත්මක නොවේ.
ඒ සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙනි.
වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය සේවකයින් අද වැඩවර්ජනයේ නිරත වන්නේ 08 වැනි දිනටයි.
වර්ජනය හේතුවෙන් එන්නත් ලබා දීම ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවාවන් ද ක්‍රියාත්මක නොවේ.
රජයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ද සිය සේවාවලින් ඉවත්ව තිබේ.
කෙසේ වෙතත් , කොළඹ දිසා අධිකරණය නිකුත් කළ නියෝගයට අනුව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වර්ජනයට එක්ව නොමැත.
වර්ජනය හේතුවෙන් අදත් ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත පැමිණි රෝගීහු දැඩි ලෙස පීඩාවට පත්වූහ.