දිස්ත්‍රික්ක 5කට තද වැසි... කාලගුණෙන් අනාවැකි

දිස්ත්‍රික්ක 5කට තද වැසි... කාලගුණෙන් අනාවැකි

by Staff writer 14-02-2022 | 2:03 PM

COLOMBO (NEWS1ST) : රත්නපුර , නුවරඑළිය , කළුතර , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම මහනුවර , ගාල්ල සහ මාතර දිස්ත්‍රිත්තවලට අද(14) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. ඒ සමග ඇති විය හැකි තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මේ අතර බස්නාහිර , සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.