by Staff writer 14-02-2022 | 2:02 PM
COLOMBO (NEWS1ST): මත්ද්‍රව්‍ය භාවිත කරමින් අනුරාධපුර, දහයියාගම ප්‍රදේශයේ සුපිරි හෝටලයක පැවැති සාදයකට එක්ව සිටි පුද්ගලයින් 7 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී අයිස්, ගංජා වැනි මත්ද්‍රව්‍ය සොයා ගත් බවයි.
විවිධ පුද්ගලයින් රුපියල් 3500ක් ගෙවා එම සාදයට සහභාගිවී ඇතැයි පොලීසිය පැවසී ය.
වැටලීම සිදු කර ඇත්තේ අනුරාධපුර කොට්ඨාස අපරාධ කාර්යාංශයට ලද තොරතුරකට අනුවයි.