හිටපු ජනපති මෛත්‍රී ලෝක සාම සමුළුව අමතයි

හිටපු ජනපති මෛත්‍රී ලෝක සාම සමුළුව අමතයි

by Staff Writer . 13-02-2022 | 6:54 PM

COLOMBO (NEWS1ST):  රජයන්, ද්විපාර්ශවීය හා බහුපාර්ශවීය අන්තර්ජාතිකයින්, ගැටෙන කණ්ඩායම්, හමුදා, රටවල් ඒකාග්‍ර කිරීමට, එක්සත් කිරීමට, සාමකාමී කිරීමට පිළියම් සොයා ගත යුුතුව ඇතැයි, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මෙම කරුණු අවධාරණය කළේ, 2022 ලෝක සාම සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමිනි. කොරියාවේ සෝල් නුවරදී පැවැත්වුණු සමුළුව අමතමින් හිටපු ජනාධිපතිවරයා ලෝක සාමයේ වැදගත්කම මෙලෙස අවධාරණය කළේ ය.
''රජයන්, ද්විපාර්ශවීය හා බහුපාර්ශවීය අන්තර්ජාතිකයින්, ගැටෙන කණ්ඩායම්, හමුදා, රටවල් ඒකාග්‍රකිරීමට, එක්සත් කිරීමට, සාමකාමී කිරීමට පිළියම් සොයා ගත යුතුවෙනවා. ඒ, යුද්ධ, ගැටුම්වල ජයග්‍රාකයින් නැති නිසා. ඒවාට කෙටිකාලීන හෝ ක්‍ෂණික විසඳුම්ද නැහැ. ජර්මනිය හා වියට්නාමය එක්සත් කළ ව්‍යායාමය පෙන්වන්නේ වෙනස් දේශපාලන මතවාද දෙකක පරිසරයන් ධනාත්මකව ඒකාබද්ධ විය හැකි අන්දමයි. දේශපාලන ක්‍රමයන් වෙනස් වන හෙයින් කොරියාවේද එය එසේම විය හැකියි. අපි යුද ලෝලීන් හා යුද අපරාධකරුවන් නොවී, සාමසාධකයන් වන බවටත්, උකහාගත් සාමයේ ප්‍රතිපල, ගෝලීය මානව සංහතියට යහ සිද්ධියක්ම වන හෙයින්, අවශ්‍ය ඕනෑම අන්දමකින් කැපකිරීම් කිරීමටත් දිවුරා පොරොන්දු විය යුතුයි''
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට 2018 වසරේදී දකුණු කොරියාවේ ගෞරවණීය පුරවැසි භාවය පවා ප්‍රදානය කෙරුනේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය වෙනුවෙන් ඔහු දරන ස්ථාවරය අගය කරමිනි.