by Staff writer 13-02-2022 | 6:25 PM
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඔස්ට්‍රේලියා කණ්ඩායම අද(13) ජය ගත්තේ ය.
සිඩ්නි ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 164ක් රැස් කළේ ය.
තරගයේ ලකුණු සම වූයේ, ලකුණු 165 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8කට ලකුණු 164ක් රැස් කිරීමත් සමගයි.
ඒ අනුව ජයග්‍රාහකයන් තීරණය කිරීමට සුපිරි පන්දු වාරයක් ක්‍රියාත්මක කළ අතර එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව එක් කඩුල්ලකට ලකුණු 5ක් රැස් කළේ ය.
එම ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියාව පන්දු 3ක් අවසානයේදී කිසිදු කඩුල්ලක් නොදැවී තරගය ජය ගැනීමට සමත් විය.