by Staff Writer . 13-02-2022 | 2:21 PM
COLOMBO (NEWS1ST): බජාජ් ඔටෝහි හිටපු සභාපති රාහුල් බජාජ් මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.
රාහුල් බජාජ් මහතා පූනේහිදී මියගොස් ඇති අතර මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 83කි.
බජාජ් සමූහ ව්‍යාපාරය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, පවුලේ සමීපතම සාමාජිකයින් ඉදිරියේ ඔහු අවසන් හුස්ම හළූ බවයි.
ප්‍රවීණ කර්මාන්තකරුවෙකු වන ඔහු බජාජ් ඔටෝ පමණක් නොව ජීවිත රක්‍ෂණ, ආයෝජන සහ මූල්‍ය, ගෘහ උපකරණ, විදුලි ලාම්පු, සුළං බලශක්තිය, ලෝහ, වානේ, ඇතුළු තවත් නිෂ්පාදන සහිත බජාජ් සමාගම් සමූහයේ ද ප්‍රධානියා විය.
බජාජ් ඔටෝ ලොව විශාලතම ත්‍රිරෝද රථ නිෂ්පාදකයා වන අතර ලොව තුන්වන විශාලතම යතුරුපැදි නිෂ්පාදකයා ද වේ.
බජාජ් මහතාගේ අභාවය පිළිබඳව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද ශෝක පළ කර තිබේ.