තවත් කොරෝනා මරණ 31 ක්..

තවත් කොරෝනා මරණ 31 ක්..

by Sagarika Chathumali 13-02-2022 | 6:40 PM

COLOMBO (NEWS1ST): තවත් කොරෝනා මරණ 31 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15,808 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස වාර්තා වී ඇත්තේ, පිරිමි ආසාදිතයින් 20 දෙනෙක් සහ කාන්තා ආසාදිතයින් 11 දෙනෙකු ලෙසයි. මියගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු ආසාදිතයින් දෙදෙනෙකු ද වේ. අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 08 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 21 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය. අද (13) වාර්තා කරන ලද මෙම මරණ 31 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.